INTP මානසික කාර්ය පරිපාටි
Ti - Ne
INTP පළිඟුව
ප්රතිභාවන්තයා
INTP යනු කුමක්ද?
INTP යනු සිය නිරතුරු කුතුහලය සහ අතිශයින්ම විශ්ලේෂණාත්මක මනස් සදහා ප්‍රකට වේ. ඔවුන්ගේ මානසික කාර්ය පරිපාටි පෙළගැස්වීම ආරම්භ වන්නේ Ti (තුලන්තර සිතීම) නම් ඔවුන්ගේ ප්රමුඛ කාර්යාංගයෙනි, එය ඔවුන්ට ගැටළුකාරී පද්ධති සහ න්‍යායමය සිතුවිලි පිටත් කරගෙන තේරුම් ගැනීම සඳහා විශේෂ ක්ෂමතාවක් ලබා දේ. මෙම කාර්යය ඔවුන්ගේ ඥානය සහ සත්‍යය සඳහා වන අවශ්‍යතාවයට පෙරටුකරයි, බොහෝ විට ඔවුන් අදහස් තුලින් විද්‍යානුකුලව සිදුකරන අය වශයෙන් සැලකේ. INTP හුදෙක් පුද්ගලාරම්භී සැලැස්මට වඩා සිතියම් සහ න්‍යායමය සිතුවිලිවල අරමුණු වෙත බලපාන්නේය.
ඔවුන්ගේ උපාංග (auxiliary) කාර්යය Ne (බාහිර අනුමාන ශක්තිය) වේ. එය ඔවුන්ගේ විශ්ලේෂණාත්මක ස්වභාවය සමඟ නිර්මාණශීලී සහ දැකුම් දියුණුවේ හැසිරීම් එක් කොටයි. මෙම කාර්යය නිසා INTP අය බහු විධිමත් සහ ප්‍රවාහ පෙළ දැක්කෙන්, ඔවුන් අධිශාන්තවේ සහ නව්‍යකරණයට ඉතා ඉඩ දෙන්නේය. Ti සහ Ne හි සම්මිශ්‍රණය INTP යනු අන්තර්ගතයන් හඳුනාගෙන සහ සිද්ධාන්තයෙහි ඉඩ කඩ පරීක්ෂණයට උත්සහ කොට උපසික්ෂා කරනුයේ අධිවිශේෂී කුසලතාවකිනි.
INTP අය බොහෝ විට විස්තාර ්යකු ලෙස නමුත් ආරම්භයේදී ඔවුන්ගේ සිතීම් සහ හැඟුම් යනාදියට සජීවී ව සැණින් වේ. ඔවුන් සාමාන්‍යයෙන් ව්‍යවහාරික විස්තර සඳහා අවධානය යොමු කරන්නේ නැත, වෙනුවට අවධාරණය යොමු කරන්නේ සංකල්පනා සහ හැකියාවන් ෂාස්ත්රීය ලෙස හැදෙනු ලැබේ. මෙය ඔවුන්ව සොදුජනකාරි ප්‍රශ්න විසඳියන්නන් වන්නට කැරෙන්නේ ඔවුන්ගේ වෙනමසම්මත අකාරීන මගින් ඔවුන් අවට ලොව අන්වේක්ෂා කිරීමට හා තේරුම් කිරීමට කාමයෙන් වේ.
අලුත් මිනිසුන් හමුවෙන්න
බාගත කිරීම් 50,000,000+
අන්තර්වර්තී චින්තනය අපට තර්කනය නම් කුසලතාව ලබා දෙයි. එකිනෙකට සම්බන්ධ වූ දැනුම සහ රටාවන් එය වැඩි දියුණු කරයි. අත්දැකීම් සහ තැත්-වරද ක්‍රමයෙන් උගත් දෙයින් සකස් වූ අභ්‍යන්තර රාමුවක් ඔස්සේ Ti ජීවිතය ජය ගනී. අපට හමුවෙන සෑම දෙයක්ම තර්කානුකූලව එකට ඈඳන්න එය අපව යොමු කරයි. අන්තර්වර්තී චින්තනය තර්කාන්විත දෝෂ නිවැරදි කිරීමේ ක්‍රියාව තුළ සමෘද්ධිමත් වේ. එය නිරන්තරයෙන් දැනුම ලබාගැනීම සහ දියුණුව පසුපස යන බැවින් ඒ තුළ අර්ථ ව්‍යාකූල බවට ඉඩක් නැත. දේවල් ක්‍රියා කරන්නේ කෙසේද යන්න මූලිකම දේ සිට ගැඹුරු සංකීර්ණතාවයන් දක්වා වටහා ගැනීමට එය අපව බල ගන්වයි.
ප්රමුඛ සංජානන කාර්යය අපගේ අහංභාවයේ සහ විඥානයේ මූලිකම දෙයයි. 'වීරයා හෝ වීරවරිය' ලෙස ද හැඳින්වෙන ප්රමුඛ කාර්යය අපගේ වඩාත්ම ස්වභාවික මෙන්ම ප්‍රියතම මානසික ක්‍රියාවලිය වන අතර ලෝකය සමඟ ක්‍රියා කරන මූලික ක්‍රමය වේ.
අන්තර්වර්තී චින්තනය (Ti) ප්රමුඛ ස්ථානයේ තිබීම INTP අයට තර්කනය නම් කුසලතාව ලබා දෙයි. එය හැඟීම්වලට වඩා තාර්කික අනුකූලතාවයකින් සහ තාර්කිකත්වයකින් ඔවුන්ගේ සිතුවිලි සහ ක්‍රියාවන් විධිමත් කරයි. ප්රමුඛ Ti ඔවුන්ව ඔවුන්ගේ ගැටළු වලට වඩාත් ගැළපෙන පිළිතුරු සෙවීමට යොමු කරවයි. එය සමාජ සම්මත සහ ව්‍යාජ පෙනුම් මාධ්‍යයේ පළමු මූලධර්ම තුළින් සාකල්‍ය සත්‍ය දැකීම වෙත අවධානය යොමු කරයි. කරන සෑම කටයුත්තකදීම ඉතා නිවැරදි සහ අපක්ෂපාතී වීමට ඔවුන් සවභාවිකවම අපේක්ෂා කරයි.
බහිර්වර්තී සහජඥානය අපට පරිකල්පනය නම් කුසලතාව ලබා දෙයි. එය අපගේ ජීවිත දර්ශනය බලගන්වන අතර අපව සීමා කරන අප පිළිබඳ අපට ඇති විශ්වාසයන්ගෙන් සහ ගොඩනගාගත් සීමාවන්ගෙන් අපව නිදහස් කරයි. එය පෙනෙන්නට තිබෙන යථාර්ථය හා සම්බන්ධ වීමට රටා සහ නැඹුරුතාවයන් උපයෝගී කරගනී. බහිර්වර්තී සහජඥානය සුවිශේෂී විස්තර වලට වඩා දෙයකින් හෝ කෙනෙකුගෙන් අපට දැනෙන හැඟීමට සහ වාතාවරණයට සංවේදී වේ. මෙම කාර්යය ලෝකයේ විස්මිත අභිරහස් තුළට අවතීර්ණ වීමෙන් ශක්තිමත්ව වැඩේ. තවමත් මුදා හැරීමට ඇති දේ පිළිබඳ ඇති අපේක්ෂා ධාරාව හරහා සහජයෙන් ගලා යෑමට එය අපව යොමු කරයි.
'මව' හෝ 'පියා' ලෙස හැඳින්වෙන ආධාරක සංජානන ක්‍රියාවලිය ලෝකය වටහා ගැනීමේදී ප්රමුඛ කාර්යයට මඟ පෙන්වීමට උපකාර කරන අතර අන් අය සනසන විටදී අප විසින් භාවිතා කරනු ලැබේ.
ආධාරක ස්ථානයේ තිබෙන බහිර්වර්තී සහජඥානය (Ne) ප්රමුඛ Ti වෙත අවස්ථා සමඟ කටයුතු කිරීමේදී ඔවුන්ගේ තාර්කික මතය තුලනය කරන පරිකල්පනය නම් කුසලතාව ලබා දේ. එය සාමාන්‍යයෙන් තර්කයට සහ තාර්කික විනිශ්චයට සීමා වන INTP හිමියන් තුළ අසීමිත කුතුහලයක් ඇති කරයි. Ne වර්ධනය වන විට ඔවුන් ඔවුන්ගේ අදහස් සමඟ වඩාත් ගවේෂණාත්මක වන අතර, ඔවුන්ව සීමා කරවන විශ්වාසයන් බිඳ හෙලීමට අධිශ්ඨාන කර ගනියි. එය ඔවුන්ට වඩාත් විවෘත වී, වෙනස්කම් පිළිගෙන පහසුවෙන් අනුවර්තනය වීමට සහ අන්යන් සැනසීමට ඉඩ සලසයි. ඔවුන් "මේ අවස්ථාව තුළ මට යමක් මඟ හැරී තිබේ ද?", "මට මේ සමඟ තව කුමක් කළ හැකිද?" හෝ "මෙය හැසිරවීමට වෙනත් ක්‍රම තිබේ ද?" වැනි ප්‍රශ්න ඇසීමට පටන් ගනීවි.
අන්තර්වර්තී සංවේදනය අපට විස්තර නම් කුසලතාව ලබා දෙයි. එය වර්තමානයේ ජීවත් වන අතර නුවණ ලබා ගැනීමට විස්තරාත්මක අතීතය විමසා බලයි. අපි මෙම කාර්යය මඟින් මතකයන් සහ ලබාගෙන ඇති තොරතුරු නැවත ආවර්ජනය කිරීම සහ නැවත බැලීම සිදු කරන්නෙමු. එය අපගේ වත්මන් මත සහ අදහස් සමබර කිරීම සඳහා නිරන්තරයෙන් ඉන්ද්‍රීය සංවේදී දත්ත රැස් කර තබාගනී. අන්තර්වර්තී සංවේදනය හුදු සහජාසය වෙනුවට ඔප්පු කර ඇති කරුණු සහ ජීවිත අත්දැකීම් ප්‍රශංසා කිරීමට අපට උගන්වයි. එය අප හට එකම වරද දෙවරක් සිදු කිරීම වළක්වා ගැනීමට උපදෙස් ලබා දෙයි.
තෘතීය සංජානන කාර්යය යනු අධික ලෙස භාවිත කරන ලද ප්රමුඛ සහ ආධාරක කාර්යයන්ට ඇති පීඩනය ඉවත් කිරීමට, විවේකයක් දීමට සහ සන්සුන් කිරීමට භාවිත කිරීමට අප ප්‍රිය කරන දෙයයි. 'දරුවා හෝ සහනය' ලෙස හඳුන්වනු ලබන එය, විවේකයක් ගන්නවා සේ හැඟෙන අතර කෙළිලොල් ය, කුඩා ළමයෙකු වැනිය. පිස්සු ගතියක්, ස්වභාවික සහ පිළිගත් බවක් දැනෙන විට අප විසින් භාවිත කරනු ලබන්නේ එයයි.
අන්තර්වර්තී සංවේදනය (Si) තෘතීය ස්ථානයේ තිබීම INTP හිමියන් හට විස්තර නම් කුසලතාව ලබා දෙන අතර, එය ඔවුන්ට ඍජු ලෙස තර්කානුකූල වීමෙන් සහ පරිකල්පනාත්මක වීමෙන් යම් සැහැල්ලුවක් ලබා දෙයි. ඔවුන්ට සතුටක් ගෙන දුන් කුඩා දේ සහ ඔවුන්ගේ ඉගෙනීම් වෙත නැවත හැරී බලමින් Si ඔවුන්ගේ වර්තමාන තත්වයන් අතීත අත්දැකීම් සමඟ ප්‍රසන්න ලෙස එකට යා කරයි. මෙම කාර්යය මඟින්, INTP හිමියන් තාර්කික ලෙස ප්‍රශ්න විසඳීමෙන් විවේක ගෙන සිය මනසින් බැහැරව ජීවත් වී ඔවුන් ලබා ගත් දැනුම් සම්භාරය, වැඩි දියුණු වූ කුසලතා සහ දක්ෂතා මත යැපේ. එය ඔවුන් තුළ ඔවුන් සැබැවින්ම කවුද යන්නට සුවපහසුවක් සහ සමීප බවක් ගෙන දෙන ඔවුන්ගේ පරණ ප්‍රියතම දේවල් සහ කලක් ප්‍රිය කළ විනෝදාංශ පිළිබඳ හැඟීමක් නැවත ඇති කරයි. Si ඔවුන් තුළ ඔවුන්ගේ පවුල, ඉතිහාසය, සංස්කෘතිය හෝ සමාන්‍ය ඉතිහාසය පිළිබඳ විශේෂ කරුණු දැනගැනීමේ ආසාවක් ඇති කළ හැකිය.
බහිර්වර්තී වේදනය අපට සහකම්පනය නම් කුසලතාව ලබා දෙයි. එය පුද්ගල ආශාවන් වෙත අවධානය යොමු කිරීමට වඩා සැමගේ ශුභසිද්ධිය වෙනුවෙන් පෙනී සිටියි. එය අවංකකම සහ ආචාර ධර්ම පිළිබඳ වූ දැඩි හැඟීමක් පවරයි. මෙම කාර්යය මඟින් සාමය සහ සමගිය පවත්වාගැනීම සඳහා සදාචාරාත්මක සහ සංස්කෘතික වටිනාකම් වෙත අපි සහජාසයෙන් යොමු වේ. Fe අපට අන් අය සිටින තත්ත්වයන් සම්පූර්ණයෙන්ම අත්විඳින්නේ නැතිව වුව ද ඔවුන්ට අනුකම්පා කිරීමට හැකියාව ලබා දෙයි. අපගේ සමාජ සම්බන්ධතා පවත්වාගැනීමට සහ පෝෂණය කිරීමට එය අපව අභිප්‍රේරණය කරයි.
අප්‍රධාන සංජානන කාර්යය අපගේ අහංභාවයේ සහ විඥානයේ ඇති දුර්වලම සහ වඩාත්ම යටපත් වී ඇති සංජානන කාර්යය වේ. එය හරියාකාරව පාලනය කරගැනීමට අපට ඇති නොහැකියාව පිළිබඳ ලැජ්ජාවට පත්වී අපි අපගේ මෙම කොටස සඟවා ගන්නෙමු. අප වයසින් වැඩී පරිණත වන විට, අපගේ පුද්ගලික වර්ධනයේ උච්චතම අවස්ථාවට සහ අභියෝග ජයගන්නා වීරයාගේ ගමනේ අවසානයට පැමිණීම මඟින් ගැඹුරු ඉෂ්ට වීමක් සලසමින් අපි අපගේ අප්‍රධාන කාර්යය පිළිගෙන එය වර්ධානය කරයි.
අප්‍රධාන ස්ථානයේ තිබෙන බහිර්වර්තී වේදනය (Fe) INTP හිමියන්ගේ මනසෙහි අවම ඉඩක් ගනී. ඔවුන්ගේ අපුද්ගල සහ තාර්කානුකූල හැසිරීම් ලීලාව හේතුවෙන් සංවේදන දැක්වීම සහ සමාජ සම්බන්ධතා පවත්වාගෙන යාම ඔවුන්ට අසීරු වේ. ඔවුන්ගේ වඩාත් ප්රමුඛ කාර්යය වන අන්තර්වර්තී වේදනයට ප්රතිවිරුද්ධව අප්‍රධාන Fe සිටින බැවින් ඔවුන් ලැජ්ජාශීලී වීමටත් නුහුරු අන්තර් ක්‍රියා වලට හසු වීමටත් නැඹුරු වේ. අන්යන් හා සමාජශීලී වීමට තම සීමාවන් දිගු කරන විට INTP හිමියන්ට අස්වාභාවික බවක් දැනෙන්නට හැකිය. සංකීර්ණ සහ තීව්ර මානුෂික හැඟීම් තේරුම් ගැනීමට වඩා මෝටර රථයක එන්ජිම තේරුම් ගැනීම මෙම පෞරුෂත්වයන්ට පහසු වේවි.
බහිර්වර්තී චින්තනය අපට කාර්යක්ෂමතාව නම් කුසලතාව ලබා දෙයි. එය අපගේ විශ්ලේෂණාත්මක තර්කනය සහ වාස්තවිකත්වය භාවිත කරයි. බාහිර පද්ධති, දැනුම සහ පිළිවෙළහි ආධිපත්‍ය තුළ Te සකස් වේ. බහිර්වර්තී චින්තනය තාවකාලික හැඟීම් වලට වඩා කරුණු වලට අනුකූල වේ. එය වැඩකට නැති ඕපාදූප වෙත අවධානය ලබා නොදෙන අතර හුදෙක් වැදගත් කරුණු කෙරෙහි අවධානය යොමු කරයි. එය අපගේ ප්‍රඥාවේ සහ දැනුමේ සීමාවන් පුළුල් කිරීමට තොරතුරු සපයන කතිකා සඳහා අපගේ ඇති උද්යෝගය සහ උනන්දුව වැඩි දියුණු කරයි.
දුර්විපාකය ලෙස ද හඳුන්වනු ලබන විරෝධී ඡායා කාර්යය අපගේ සැකයන් සහ පීඩනෝන්මාදය විවේචනය කරන අතර, අපගේ ප්රමුඛ කාර්යය ලෝකය දකින ආකාරය ප්‍රශ්න කරමින් එයට විරුද්ධ ලෙස ක්‍රියා කරයි.
බහිර්වර්තී චින්තනය (Te) විරෝධී සෙවණැලි ස්ථනයේ තිබීම පුද්ගලවාදී INTP හිමියන්ගේ ප්රමුඛ Ti හා විරුද්ධ වන බැවින් එය ඔවුන්ව කෝපයට පත් කරයි. අනෙක් මිනිසුන් සිය අභිමත ඔවුන් වෙත පවරන විට ඔවුන්ට ව්‍යාකූල බවක් සහ අයිතීන් උල්ලංඝනය වූ බවක් දැනේ. මෙම කාර්යය පීඩනෝන්මාදය සහ සැකය ඇති කරන අතර, එයින් තම ප්රතිවේධන සහ මත දැනෙන ලෙස ම ප්‍රකාශ කරන්නන් අනවශ්‍ය ආකාරයෙන් ප්‍රතිවිරෝධි පුද්ගලයින් ලෙස අපකීර්තියට පත් කිරයි. Te භාවිත කරන මිනිසුන් හමු වූ විට, ඔවුන්ගේ රීති හෝ උප්දෙස් වලට එරෙහිව මුරණ්ඩු වීමට සහ විරෝධය පෑමට නැඹුරු වේ. INTP හිමියන් නිතරම "ඔවුන් හිතාමතාම මට විරෝධ වෙනවා ද?", "ඔවුන් මට විරුද්ධ වන්නේ ඇයි?" හෝ "ඔවුන් දේවල් සංකීර්ණ කරන්නේ ඇයි?" වැනි ස්වයං විසංවාදී ප්‍රශ්න තමන්ගෙන්ම අසයි.
අන්තර්වර්තී සහජඥානය අපට සහජඥානය නම් කුසලතාව ලබා දෙයි. අවිඥානකයින්ගේ ලෝකය එහි වැඩ බිමයි. එය දැඩි උත්සාහයක් දරන්නේ නැතිව සහජඥානයෙන් දන්නා ප්‍රගතශීලී කාර්යයකි. එය අපගේ අවිඥානක සැකසුම මඟින් යමක් සොයාගත් විට ඇති වන "යුරේකා" අවස්ථාවන්හි දැනෙන අනපේක්ෂිත ප්රබෝධය අපට අත්විඳීමට සලස්වයි. අපගේ ඇසට පෙනෙන දේට ඔබ්බෙන් දැකීමට ද Ni අපට හැකියාව ලබා දෙයි. එය ලෝකය ක්‍රියා කරන ආකාරයේ වියුක්ත රටාවක් අනුගමනය කරන අතර ජීවිතයේ අභිමතාර්ථයන් මත අවධනය යොමු කරගෙන සිටියි.
විවේචනාත්මක ඡායා කාර්යය අපව හෝ අන්‍යන්ව විවේචනය කිරීම සහ පහත් කොට සැලකීම සිදුකරන අතර පාලනය සෙවීමේදී අවමන් කිරීම සහ සමච්චල් කිරීම පිළිබඳ කිසිවක් නොසිතයි.
විවේචනාත්මක සෙවණැලි ස්ථානයේ අන්තර්වර්තී සහජඥානය (Ni) තිබීම කෝපයෙන් සහ ලැජ්ජාවට පමුණුවීමෙන් ඍණාත්මක ප්‍රතිභාවක් මුදා හැරීම තුළින් අහංභාවයට පහර දෙයි. INTP හිමියන්ගේ විවේචනාත්මක කාර්යය ඔවුන්ගේ දැක්ම සහ ඔවුන් වටා සිටින අය පරිහාසයට ලක් කරන්න ඔවුන්ව යොමු කරවයි. Ni ඔවුන්ව පහත් කොට සලකන අතර ඔවුන්ගේ ඕනම අරමුණක් සාක්ෂාත් කරගැනීම අඩපණ කිරීමට ඇතුලාන්තයෙන් සැක සංකා ඇති කරවයි. එය ඔවුන්ගේ වැරදි ඍජුවම අපහාස කිරීමට ඒවා පැහැදිලිවම දකියි. ඔවුන් "ඔබ මෙය කල්තියා නොදැක්කේ කෙසේද?", "ඔබට එක් දෙයකට අවධානය දෙන්න නොහැකි වුණේ ඇයි?" හෝ "ඔබට ඔබ කී දේ කිරීමට නොහැකි වුණේ ඇයි?" වැනි ප්‍රශ්න ඇසීමට පටන්ගනීවී. අන්යන් INTP හිමියන් විවේචනය කරන විට, වැරදි සෙවීමේ ක්‍රම සහ ප්‍රතිවිරුද්ධ තර්ක ඉදිරිපත් කරමින් Ni ඔවුන්ගේ උදව්වට ද පැමිණේ.
බහිර්වර්තී සංවේදනය අපට සංවේදනය නම් කුසලතාව ලබා දෙයි. පෙනෙන්නට තිබෙන යථාර්ථය එහි පෙරනිමි යුදපිටිය වේ. දර්ශනය, ශබ්දය, ගඳ සුවඳ සහ ශාරීරික චලන වැඩි දියුණු කරමින්, Se ඉන්ද්‍රීය අත්දැකීම් තුළින් ජීවිතය ජයගනී. එය අපට භෞතික ලෝකයේ උත්තේජක වලට අනුගත වීමට ඉඩ සලසයි. බහිර්වර්තී සංවේදනය අවස්ථාවන් ඇති විට ඒවා ග්‍රහණය කරගැනීම සඳහා ධෛර්යය ඇතිකරයි. මෙසේ සිදුවුණොත් වැනි උපකල්පිත ප්‍රශ්න වල එළඹී කිසිත් නොකර සිටිනවා වෙනුවට ක්ෂණිකව ක්‍රියා කිරීමට එය අපව පොළඹවයි.
ප්‍රයෝගකාරයා නම් ඡායා කාර්යය කපටි, ද්වේෂ සහගත සහ රැවටිලි සහගත වන අතර, මිනිසුන් හසුරවා අපගේ උගුල් වලට හසු කරගනී.
බහිර්වර්තී සංවේදනය (Se) ප්‍රයෝගකාරයා නම් සෙවණැලි ස්ථානයේ තිබීම INTP හිමියන් සංවේදනය නම් කුසලතාවයෙන් වෙහෙසට පත් කරයි. ඔවුන් 'ගතවෙන මොහොතේ ජීවත් වීම' හෝ පූර්ව සූදානමක් නොමැතිව විනෝද වීම ප්‍රෝඩාවක්, මෝඩ දෙයක් සහ ළාමක දෙයක් සේ දකියි. ඔවුන් වර්තමානය තුළ ජීවත් වී සිය සංවේදක අත්දැකීම් හා අනුගත වීමට උත්සාහ කරන විට, එය ඔවුන්ගේ සමාන්‍ය චර්යා රටාවෙන් වෙනස් දෙයක් වන නිසා එයින් යටපත් වූ බවක් ඔවුන්ට දැනේවි. ඔවුන් ප්‍රයෝගකාරයා නම් කාර්යය මඟින් සිය ඉච්ඡාභංගත්වයෙන් ඇති වූ කෝපය Se භාවිත කරන්නන් වෙත ප්රක්ෂේපණය කිරීමට ද නැඹුරු වේ. INTP හිමියන් ඔවුන්ගේ "විකාර" නැවැත්වීම සඳහා ම පමණක් Se ආධිපත්‍ය දරන්නන් ඔවුන්ගේම ව්‍යුක්ත නියායන් තුළ කොටු කිරීමෙන් ඔවුන්ගේ නිදහස් සහ යථාර්ථවාදී ප්රතිවේදයන් බොරු යැයි එළිදරව් කිරීමට උත්සාහ කළ හැකිය.
අන්තර්වර්තී වේදනය අපට වේදනය නම් කුසලතාව ලබා දෙයි. එය අපගේ සිතුවිලි සහ හැඟීම් වල ගැඹුරු තැන් හරහා ගමන් කරයි. Fi අපගේ වටිනාකම් හරහා ගලා යන අතර ජීවිතයට ගැඹුරු අර්ථයක් සොයයි. බාහිර පීඩනය හමුවේ අපගේ සීමාවන් සහ අනන්‍යතාවය තුළ සිටීමට එය අපට ඉඩ ලබා දේ. මෙම ප්‍රබල සංජානන කාර්යයට අන් අයගේ වේදනාවන් දැනෙන අතර උදව් අවශ්‍ය අයගේ නයිට්වරයා වීමට කැමති වේ.
යක්ෂයා නම් ඡායා කාර්යය යනු අතිශයින් අවිඥානක, අපගේ අහංභාවය හා අසමාන, අඩුවෙන්ම වර්ධනය වූ කාර්යයයි. මෙම කාර්යය සමඟ අපට ඇති සම්බන්ධතාවය කෙතරම් අවිශ්වාසී ද යත්, මෙය ප්රමුඛ කාර්යය ලෙස භාවිත කරන පුද්ගලයින් වටහා ගැනීමට අප වෙහෙසන අතර බොහෝ විට අප ඔවුන්ව දුෂ්ටයින් සේ නිරූපණය කරයි.
යක්ෂ සෙවණැලි ස්ථානයේ තිබෙන අන්තර්වර්තී වේදනය (Fi) INTP හිමියන්ගේ අඩුවෙන්ම වර්ධනය වූ කාර්යය වේ. ඔවුන් තම හැඟීම් සමඟ සම්බන්ධ වීමට වෙහෙසන අතරතුර අන්තරාවලෝකනය තුළ අතරමං වී ඔවුන් සහ ඔවුන්ගේ වටපිටාව පිළිබඳ දැඩි ලෙස විවේචනාත්මක වේ. උදාහරණයක් ලෙස, ඔවුන් යම් දෙයක් වෙනුවෙන් සටන් කිරීමට උද්යෝගිමත් විය හැකි වූවත්, ඔවුන්ගේ Fi සමඟ සම්බන්ධ වූ පසු සැබෑ ලෙස පොළඹවන සුලු වීමට වඩා ස්වයං ධාර්මික සහ අසංවේදී වන බවක් පෙනේවි. ඔවුන්ගේ විශ්ලේෂණාත්මක මනසට තේරුමක් නැති නිසාවෙන් තම අභ්‍යන්තර හැඟීම් සමඟ අනුගත වී සිටින ප්රමුඛ Fi පරිශීලකයින් දුෂ්ටයින් ලෙස නම් කිරීමට ඔවුන් නැඹුරු වේ.
අනෙකුත් පෞරුෂත්ව වර්ග 16හි සංජානන කාර්යයන්
විශ්වයන්
පෞරුෂත්වයන්
අලුත් මිනිසුන් හමුවෙන්න
බාගත කිරීම් 50,000,000+